Written by 4:00 pm Verité in the News Views: 0


‘‘ඊ.ටී.එෆ් ප්‍රතිලාභ අඩු කිරීම අසාධාරණයි – සියයට 77 කියයි

Published on Lankadeepa

(විමුක්ති එස් රුද්‍රිගු)

සේවක අර්ථසාධක අරමුදල තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අනවශ්‍ය හෝ සාධාරණව / අනවශ්‍ය සහ සාධාරණව සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 77කගේ මතය බව නවතම සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභයන් අඩු කිරීමට ගත් තීරණය අත්‍යාවශ්‍ය මෙන්ම සාධාරණ අයුරින් සිදුකර ඇතැයි වැඩිහිටි ජනගහනයෙන් සියයට 10 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

එසේම වැඩිහිටි ජනගහනයෙන් සියයට 13කට මේ පිළිබඳ කිසිඳු අදහසක් නොමැති වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකාව සුවිශේෂී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සම්පූර්ණ කළේ ය.

එහිදී, රුපියල්වලින් ගෙන ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර පැටවුණේ සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාමික අරමුදල්වලට ය.

බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයන්, පෞද්ගලික ණය හිමිකරුවන් සහ බහුතරයක් රාජ්‍ය සේවකයින් (රජයේ වෙනම විශ්‍රාමික වැඩසටහනක සිටින) මෙම පිරිසට අයත් වූයේ නැත.

ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාව, ගෝලීය මට්ටමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන්වලට නව පූර්වාදර්ශයක් වීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාව සිදුකර ඇත්තේ, විශ්‍රාමික අරමුදල් සම්බන්ධයෙන් පොදුවේ සියලුදෙනාට සම-සමව සැළකෙන ප්‍රතිපත්තියක් නොව එකිනෙකාට වෙනස්ව සැළකෙන හානිකර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය.

Visited 1 times, 1 visit(s) today

Last modified: April 4, 2024

Close