Written by 3:41 pm Verité in the News Views: 1


පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතය වෙරිටේ කියයි

Published on Lankadeepa

(විමුක්ති එස් රුද්‍රිගු)

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශපාලන හස්තවල සම්බන්ධයක් නොමැති බවට විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 8 ක ප්‍රමාණයක් බව පසුගිය ඔක්තෝබර් මස සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 53 ක් බවත් එම සමීක්ෂණදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඉන් 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය පසුපස දේශීය දේශපාලන බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් සිටින බව මෙම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් සියයට 30 කගේ මතය වූ බවත් දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙපාර්ශවය සමඟ කටයුතු ලාංකික අන්තවාදීන් පාස්කු දින ප්‍රහාරය පසුපස සිටින බව සියයට 23 කගේ මතය වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

Visited 1 times, 1 visit(s) today

Last modified: April 4, 2024

Close