Written by 2:01 pm Background Note, Debt Update, Insights, Policy Briefs, Research Briefs, Research Reports Views: 1


පොදු යටිතල පහසුකම් තුළ මහජන සුබසිද්ධිය සුරැකීමට ඇති අවස්ථා: ශ්‍රී ලංකාවේ නියාමන රාමු පිළිබඳ සමාලෝචනයක්

යටිතලපහසුකම් සඳහා කරන ආයෝජනයන් රටක සංවර්ධනයට අතිශයින් වැදගත් වේ. කෙසේ වෙතත් දුර්වල පාලනයක් පවතින සන්දර්භයක් තුළ මහා පරිමාණ සහ සංකීර්ණ යටිතලපහසුකම් සංවර්ධන ව්‍යපෘති දුෂණයන්ට ඉතා හිතකර පසුබිමක් බවට පත්විය හැකි අතරම අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වන අධික පිරිවැයක් සහිත, ගුණාත්මක භාවයෙන් පහළ යටිතලපහසුකම් බිහිවීමටද එකී ආයෝජනයන් හේතු විය හැක.

මෙම වාර්තාවෙහි අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ මහා පරිමාණ යටිතලපහසුකම් ව්‍යාපෘති සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු පාලනය කෙරෙන වත්මන් නියාමන රාමු පිළිබඳ අවබෝධයක් ලබා දීම, එම නියාමන රාමුවල දුර්වලතා හා අඩුපාඩු හඳුනා ගැනීම, හඳුනාගත් අඩුපාඩු පියවීම සඳහා මෙන්ම රජය විසින් ගනු ලැබෙන ආයෝජන තීරණ තුළින් මහජන අභිලාෂයන් ප්‍රමාණවත් ලෙස පිළිබිඹු වන බව සහතික කිරීම සඳහා මහජනතාවට සහ සිවිල් සංවිධානවලට දායක වීමට ඇති අවස්ථා හඳුනා ගැනීමයි. ව්‍යාපෘති ආයුචක්‍රයෙහි ප්‍රමුඛ ක්‍ෂේත්‍ර තුනක් වන ප්‍රසම්පාදනය, පාරිසරික බලපෑම් ඇගැයීම සහ සිය කැමැත්තෙන් තොරව නැවත පදිංචි කිරීම යන ක්ෂේත්‍ර පිළබඳව මෙම වාර්තාව අවධානය යොමු කරයි.

Visited 1 times, 1 visit(s) today

Last modified: November 7, 2023

Close