Written by 12:38 pm Background Note, Debt Update, Insights, Policy Briefs, Research Briefs, Research Reports Views: 3


CSO Sustainability Index 2017 – Sri Lanka Country Report

ජාත්‍යන්තර වෙළඳ දත්ත පොදු දේපලකි. සැබෑ කරුණු මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් කිරීමට, ව්‍යාපාරවලට වඩාත් නිවැරදි තීරණ ගැනීමට, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳ මහජන පර්යේෂණ සඳහා පෙළඹවීමට සහ ජනතාවට රජයේ වගවීම වැඩි දියුණු කිරීමට දත්ත සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වේ. එහෙත්, ශ්‍රී ලංකා රේගුවේ දත්ත බෙදා හැරීමේ ප්‍රතිපත්තිය දත්ත පොදු භාණ්ඩ ලෙස දැකීමට පටහැනි ආකාරයෙන් සකස් වී ඇත. කලාපීය හා ගෝලීය ප්‍රවණතාව වන්නේ මෙම දත්ත වලට ඇති ප්‍රවේශය පහසු කිරීම වුව ද, ලංකාව සම්බන්ධයෙන් යාවත්කාලීන දත්ත සොයා ගැනීම පහසු නොවන අතරම ඒවා නොමිලයේ ලබා ගත නොහැක.

මෙම විශ්ලේෂණයෙන් පෙනී යන්නේ වෙළඳ දත්ත සඳහා එවැනි ප්‍රවේශයක් ලබාදීමට ශ්‍රී ලංකා රේගුව දක්වන අකමැත්තට ප්‍රධාන හේතුවක් වන්නේ පොදු දත්ත අලෙවිය හරහා රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික ආදායම් ඉපයීමට අනුබල දෙන, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රේගුව තුළ දැනට ක්‍රියාත්මක වන ක්‍රියාවලිය බවයි.

Visited 3 times, 1 visit(s) today

Last modified: November 11, 2023

Close